Friday, November 18, 2011

පෙරවදන

පළමු සටහන ලියන්න පටන් ගත්තට මොකද මොනවා ලියන්නද කියල හිතා ගන්න බැහැ. ම්ම්ම්..... මෙහෙම ලියමු. මම මුලින්මම පරිගණකයක් අත ගෑවේ මම උසස්පෙළ කරන කොට. පරිගණක පාටමාලාවක් කෙරුවට මොකද ඒකෙන් ඉගෙන ගත්තේ ඔෆිස් වැඩ ටික විතරයි. කොහොමෙන් කොහොම හරි දෙයියනේ කියල දැන් ඔය මොනවාහරි කර ගන්න පුළුවන්. නැත්තම් මෙහෙම බ්ලොග් සටහනක් දාවීයැ. :D . ඉස්සෙල්ලම කියල මම බ්ලොග් එකකට ගොඩ වෙන්නේ දුමිගේ කට කහන කතා බොලොග් එකට ඊට පස්සේ දුකා ගේ බ්ලොග් එක, කතන්දරගේ බ්ලොග් එක, මාරයාගේ බ්ලොග් එක, එකේ වාට්ටුව,  ආදී භෝ බ්ලොග් ගණනක සංචාරය කරා. අන්තිමේදී හිතුන මමත් බ්ලොග් එකක් පටන් ගත්තොත් කොහොමද කියල. ඒත් කොහොමද පටන් ගන්නේ. මම දන්නේ නැහැනේ ! ටික කාලයක් ඔහොම ඉන්න කොට මුහුනුපොතේ පරිගණක උදව්  ගෘපියේ සංවාදයක් ගියා බ්ලොග් ගැන එතනින් තමයි කොන අල්ල ගත්තේ. කොහොම හරි මම බ්ලොග් ලෝකයේ දන ගාගෙන කොහොම හරි නැගිටිනවා........